Get 3 audiobooks free with a 30-day Free Trial Sign Up Free
[Sinhala; Sinhalese] - The Lottery Ticket No. 514 (ලොතරැයි ටිකට් අංක 514හි සොරකම)

[Sinhala; Sinhalese] - The Lottery Ticket No. 514 (ලොතරැයි ටිකට් අංක 514හි සොරකම)

Author:
Maurice Leblanc
Read Read Own Own
A free trial credit cannot be used on this title

Unabridged Audiobook

Ratings
Book
Narrator
Release Date
November 14, 2025
Duration
1 hour 27 minutes
Summary
ජාත්‍යන්තර සොරෙක් ලෙස ප්‍රසිද්ධ වූ ආසීන් ලූපින් සහ යුරෝපයේ ප්‍රසිද්ධතම රහස් පරීක්ෂක හර්ලොක් ෂෝම්ස් අතර ඇති වන බුද්ධිමය සටන සිදුවන ආසේන් ලූපින්ට එරෙහිව හර්ලොක් ෂෝම්ස් කතා මාලාවේ පළමුවන කතාව. හර්ලොක් ෂෝම්ස්ට ආසේන් ලූපීන්ව පරාජය කිරීමට හැකිවෙයිද?


ප්‍රංශ ජාතික මොරිස් ලෙබ්ලාන්ක් (Maurice Leblanc) මහතා විසින් වර්ෂ 1908 දී මෙම කෘතිය රචනා කරල ලදි.



- උපත : 1864 දෙසැම්බර් 11
- විපත : 1941 නොවැම්බර් 06 


එකල මොරිස් ලෙබ්ලාන්ක් මහතා සහ කොනන් ඩොයිල් මහතා සමකාලීන කතුවරුන් විය. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතා ෂර්ලොක් හෝම්ස් කෘති රචනා කරමින් සිටි අතර මොරිස් ලෙබ්ලාන්ක් මහතා ආසේන් ලූපින්ට නම් බුද්ධිමත් කපටි සොරෙක් සම්බන්ධ කෘති රංහනා කළේය. ඩොයිල් මහතාගේ ෂර්ලොක් හෝම්ස් කෘති ඉතාමත් ප්‍රසිද්ධ වීමත් සමගින් ලෙබ්ලාන්ක් මහතා, ඔහුගේ කතාවලටද ෂර්ලොක් හෝම්ස් චරිතය ඇතුළත් කරමින් ආසේන් ලූපින් සහ ෂර්ලොක් හෝම්ස් අතර ඇතිවන බුද්ධිමය සටන් ගැන කතා රචනා කළේය. කොනන් ඩොයිල් මහතා නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය මොරිස් ලෙබ්ලාන්ක් මහතා තම කෘති වලට යොදාගැනීම ගැන කොනන් ඩොයිල් මහතා විරුද්ධ වී ඇත. එමනිසා මොරිස් ලෙබ්ලාන්ක් මහතා එම නම හර්ලොක් ෂෝම්ස් (Herlock Sholmes) ලෙස වෙනස් කරමින් හර්ලොක් ෂෝම්ස් කෘති රචනා කළේය.


මෙහිදී මෙම කතා මාලාවන් ඉතාමත් ජනප්‍රිය වූයේ හර්ලොක් ෂෝම්ස් සහ ඔහුගේ මිත්‍රයා වන විල්සන්ට මුහුණ දෙන්නට වූයේ හර්ලොක් ෂෝම්ස්ගේ බුද්ධියටම සමාන බුද්ධියක් ඇති කපටි සොරෙක් වන ආසේන් ලූපීන් සමගය. 


ලොතරැයි ටිකට් අංක 514හි සොරකම නම් මෙම කතාව මේ කතා මාලාවේ පළමුවෙනි කතාවයි. මෙහි ඉදිරි කතාවන් වලට රහස් පරීක්ෂකයාගේ පැමිණීමත් සමගින් කතා මාලාව ඉතාමත් සිත්ගන්නාසුළු වේ. මෙම කතාවේ ඉදිරි කතාවන්ද රසවින්දන්නට මම ඔබට ආරාධනා කරමි...
Browse By Category
1 book added to cart
Subtotal
$9.99
View Cart